රාමාගේ වඳුරු හමුදාවට විරු හෙළයෝ පැරදුණා ද ?
අප රාවණාගේ විවිධ තාකෂණික ක්‍රමවාදයක් පිළිබඳව දිගින් දිගට කතා කළෙමු. එය තවත් බොහෝ ඉදිරියට කතා කළ යුතු සහ කතා කිරීමට බොහෝ දේ ඉතිරිව ඇති මාතෘකාවකි. එහෙත් එය මොහොතකට නවතා රාම රාවණා යුද්ධයේ දී රාවණාගේ තාකෂණයට සිදුවූයේ කුමක්ද යන්න අවබෝධ කර ගැනීම උත්සාහ දරමු. මුද්‍රිත පිටු අතර කරන මේ සංවාදයට ලැඛෙන ලිපි අතර හැමෝගේම ප්‍රශ්නයක් බවට පත් වී ඇත්තේ එයයි. නැතහොත් රාවණා පරදින්නේ ඇයි ද යන්නයි.
රාවණාගේ යුද තාකෂණය මෙන්ම ඔහුගේ අධ්‍යාත්මික ශක්තිය ඉතා ප්‍රබල මට්ටමක පැවැතිණි. හින්දු සාහිත්‍යයට අනුව රාවණාට හිස් දහයක් ලැඛෙනුයේ ඔහු කළ උග්‍ර තපසක ප්‍රතිඵලයක් ලෙසිනි. එක් අවස්ථාවක දී මහා බ්‍රහ්මයාගෙන් වරයක් ලබාගැනීමේ අපේකෂාවෙන් උග්‍ර භාවනාවක යෙදී සිටි රාවණා තම හිස සිඳ බ්‍රහ්මයාට පූජා කර ඇත. එA අවස්ථාවේ තවත් හිසක් මතු වී ඇත. එහෙත් බ්‍රහුමයා පැමිණ නැත. මෙසේ වරින් වර හිස් දහයක් සිඳ බ්‍රහ්මයාට පූජා කර ඇත. දසවන හිස සිඳලීමට සූදානම් වන අවස්ථාවේ රාවණා ඉදිරියේ පෙනී සිටි මහා බ්‍රහ්මයා අවශ්‍ය වරය කුමක් දැයි විචාරා ඇත. එහි දී රාවණා
අමෘතය බ්‍රහුමයාගෙන් ලබාගෙන අමරණීයත්වයට පත්ව ඇත. එම අමෘතය රාවණාගේ නාභිය තුළ පැවැති
අතර එය පවතින තාක් ඔහු අමරණීය වන බව සඳහන්ව ඇත. අවසානයේ කපා දැමූ හිස් දහය ද යළි රාවණාට ම මහා බ්‍රහ්මයා විසින් ලබා දුන් බව හින්දු සාහිත්‍යයේ සඳහන් වෙයි. මෙම හිස් කතාව සංකල්පයක් විය හැකිය.
එහෙත් අමරණීයත්වය පිළිබඳ සංකල්පය අපට එකෙනෙහිම බැහැර කළ නොහැක්කේ වසර දහස් ගණනක් තිස්සේ හිමාලයේ ජීවත් වන භාවනායෝගීන් පිළිබඳ මෑත යුගයේදීත් තොරතුරු හෙළිවීමයි. විභීෂණ විසින් රාමාට ලබාදුන් ආයුධයකින් රාවණාගේ නාභියට විදින ලද බව රාමායනයේ සඳහන් වෙයි. රාවණා සිහිමූර්ජා වන්නේ ඉන් අනතුරුවය. රාවණාට පහරදීම ලෙහෙසියෙන් සිදු කළ නොහැකි කාර්යයකි. එයට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ ලොව බලගතුම කඩුව : චන්ද්‍රහාස් - ඔහු සතුව පැවතීමයි. හින්දු සාහිත්‍යයට අනුව
මෙම කඩුව ශිවාගෙන් රාවණාට ලැඛෙන්නකි. ශිවාගේ වාස භවනය වන කෛලාශකුටය අත් දෙකින් අල්ලා සොලවා ශිව
තමා ළගට ගෙන්වා ගත් බව ඉතිහාසයේ සඳහන් වෙයි. මෙම කඩුවේ පවතින විශේෂත්වය වනුයේ මෙම කඩුවෙන් විහිදෙන දම් පැහැති ආලෝකයයි. කඩුව අත ඇති තාක් සතුරු ආයුධයකට එය අත දැරූ පුද්ගලයා වෙත ළ`ගා විය නොහැකි බවට විශ්වාසයක් පවතී. එම කඩුවේ ජයග්‍රහණයේ මන්ත්‍රය සටහන්ව ඇති බව හින්දුන්ගේ පිළිගැනීමයි.
රාවණා අතින් කඩුව ගිලිහීමත් නාභියට පහර දීමත් සිදුවන්නේ එකම අවස්ථාවක දී විය යුතුය. මේ සඳහා උපකාරී වන්නේ වීභීෂණ විසින් ලබාදුන් රහස් ආයුධයකි. එනම් එය රහසක් වන්නේ රාම හමුදාවටය. එනම් ඔවුන් සතුව එම තාකෂණය පැවැත නැත. රාවණ බොහෝ විට සටනට පිවිසෙන්නේ ද`ඩුමොණරයෙන් වීම නිසා රාවණාට පහරදීම එතරම් ලෙහෙසි කාරණයක් නොවන්නට ඇත. එසේම පැරණි තාකෂණයට අනුව හෝ නූතන තාකෂණයට එහා ගිය ආරකෂිත ශරීර ආවරණයක් පැවැතිය යුතුය. රාවණාට පහරදුන් රහස් ආයුධයෙන් නිකුත් වී ඇත්තේ නිල් පැහැති ආලෝක ගුලියකි.
0 Comments