පහනක් දල්වා දරුවාගේ ජීවිතයට සවියක් වෙන්න - රාහු අපලයට විස්මිත ප්‍රතිඵල ලැබෙන නාගර්ජුන යන්ත්‍රය


රාහු හොඳට හිටියොත් ඉතාම හොඳයි. එමඟින් දරුවා ඉතාම ක්‍රියාශීලි අයෙකු බවට පත්කරනවා. එහෙම කෙනෙකුට නිකම් ඉන්න වෙලාවක් නැති තරම්. සෑම දෙයක්ම තමන් විසින්ම සිදු කළ යුතුයැයි සිතීම තවත් ලක්ෂණයක්.  කවුරුවත් කරනකම් බලා ඉන්නේ නැහැ. නිරන්තරයෙන්ම බොහෝම උද්යෝගිමත්''

රාහු ග්‍රහයාගේ අයහපත් බලවේග මැඩපැවැත්වීම සඳහා තිබෙන ජ්‍යොතිෂමය ප්‍රතිකාර මොනවාද?

'' රාහුගේ කාල පරාසයක් ලැබුවාම විවිධ රෝගාබාධ ඇතිවෙනවානෙ. ඒක මොකක්හරි ලෙඩක් වෙන්න පුළුවන්. අනෙක් ප්‍රකට ලක්ෂණ අතර හිතුවක්කාර වීම ප්‍රධානයි. ඒ වගේම අධිකව තරබාරු වීම හෝ අධික ලෙස කෙට්ටු වීම සිදුවෙනවා.

මේ විදිහට හිතාගන්න බැරි ලෙඩ රෝග හෝ වෙනත් හේතු නිසා දුක් විඳින දරුවා එයින් ගලවා ගැනීම අත්‍යවශ්‍යයි නෙ. මේ සඳහා ජ්‍යොතිෂමය පිළියමක් විදියට යන්ත්‍රයක් පැළැඳවීම පෙන්වා දෙන්නට පුළුවන්.
එතැනදී පුංචි දරුවෙක් නම් යන්ත්‍රය පළඳවන්න අපහසුයි''

ඇයි ඒ? ඔය පුංචි දරුවන්ට පුංචි, පුංචි යන්තර දාලා තියෙන්නේ....

'රාහු අපලයට දාන, එයට අදාළ වෙන්නේ නාගර්ජුන යන්ත්‍රය අඟල් දෙකකට වැඩි, අඟල් තුන දක්වා තහඩුවක අඳින්න අවශ්‍යමයි. ඒක නියතයක්. එතකොට සුරය එයට වඩා මඳක් විශාල විය යුතුයිනෙ. නාගාර්ජුන යන්ත්‍රයේ නියම සුබපල උදාවෙන්නේ ඒ විදිහට පැළඳවීමෙන් තමයි.

නමුත් මේ ප්‍රමාණෙ යන්ත්‍රයක්, බිළිඳු දරුවන්ගේ ඉණේ අඟල් දෙකක විතර යන්ත්‍රයක් බඳින්න බැහැ. ඒක දරුවාට ලොකු අපහසුවක්. මාස හත අටක දරුවෙකුට අඟල් දෙකක විතර සුරයක් එල්ලන්න බැහැනේ. දරුවාට වැඩිය සුරේ බර වැඩිවෙයි.''

ඉතින් මොකක්ද ඒකට තියෙන විකල්පය?

එතනදි මෙහෙම දෙයක් කරන්න පුළුවන්. නිවෙස ඉදිරියේ මිදුලේ පහන් පැලක් හදාගන්න ඕනේ. හැබැයි ඒකේ ආලෝකය නිවෙසට පතිත නොවෙන ආකාරයට සකස් කරගැනීම ඉතාම වැදගත් කාරණයක්. ඒක අවධාරණය කරල ලියන්න. ඒ වගේම අසල්වාසී නිවාස සමීපයේ තියෙනවා නම්, ඒවාටත් එළිය නොවැටෙන විදිහට සකස් කරගන්න ඒක සුදුසුයි. ඊළගට දරුවා, මව හෝ පියා යන තුන් දෙනාගෙන් කෙනෙකු විසින් මෙම
පහන දිනපතාම නොකඩවාම පත්තු කරන්න ඕනේ වරද්දන්නෙ නැතිව''

හොඳයි වැරැදුනොත්...?

'දවසක් දෙකක් මඟහැරුණා කියමුකො. හැබැයි තුන්වැනි දවසේ අනිවාර්යයෙන්ම පත්තු කරන්න ඕනෙ''
අපි මෙහෙම හිතමු දවස් තුනට වඩා කල්ගත වෙන ගමනක් යන්න වුණා කියල. එතකොට මොකද කරන්නේ?

"එහෙම නොවෙන්න වගබලා ගන්නවා නම් තමයි හොඳ''

උවමනාවෙන් නම් වරද්දන එකක් නැහැ. නමුත් රාහු මහ දසාව කියන්නෙ අවුරුදු දහ අටක්. එසේ මෙසේ කාලයක් නොවෙයිනෙ. කුමන හෝ අවස්ථාවක මඟහැරෙන්න පුළුවන්.

ඒකත් ඇත්ත. එවැනි අවස්ථාවක දී පහන් පැල අබියසට ගිහින්, මෙන්න මේ කාරණාව නිසා පහන දැල්වීම මඟ හැරෙනවා. ඒ බාධාව මඟහැරුණු විගස යළි පහන දල්වන්නම්'. යන ප්‍රකාශනය කරල අවසර ගන්න.''

පහන දැල්වීම කරන්න ඕනෙ දිනයේ මොන වෙලාවට ද?

'' සෑම දිනකම රාත්‍රියේ හතේ සිට නමයයි තිහ දක්වා කාලයේ පහන දැල්වීම කළ යුතුයි.

මොකක්ද මෙයින් අත්වෙන ප්‍රතිලාභ?

'' දරුවා ලෙඩ රෝගවලට ගොදුරුවීම ඉතා අවම වෙනවා. යම් රෝගයක් හැදුනත් දින තුනකට වඩා රෝහල්ගත වීමක් වෙන්නෙම නැහැ. අනික් කිව්ව අයහපත් තත්ත්වයන් ගෙනුත් දරුවා අත්මිදෙනවා.''

දරුවා වයසින් වැඩුනාම යනුත්‍රයක් දාලා පහන දැල්වීමෙන් වැළකෙන්න පුළුවන්ද?

'' එහෙම පුළුවන්. නමුත් පහන දැල්වීමත් ආශිර්වාදයක් නිසා ඒකත් කරනවා නම් ඉතාම හොඳයි.''

ඔය වෘක්ෂ සාත්තුව ගැන මොකක්ද ඔබේ අදහස?

"පුරාණයේ ඉඳන් එන දේවල් මම බැහැර කරන්නෙ නැහැ. කෙසෙල් ගසක ආයු කාලය කෙටියිනෙ. ඒ නිසා නිවෙස ඉදිරියේ නැතිව පසෙකට වෙන්න හිටවල සාත්තු සප්පායම් කළාට වරදක් නැහැ. පල ප්‍රයෝජනත් තියෙනවානෙ. වැටකෙයියා වාගේ ශාකයක් නඩත්තු කිරීම නම් මම අනුමත කරන්නේ නැහැ.
ඒ වෙනුවට ලොකු රම්පෙ පඳුරක් හදාගන්න එක හොඳයි.''

ඔබ කියන විදියට පුංචි දරුවන්ට බලපාන රාහු අපලය සෑහෙන දුරකට පාලනය කිරීමේ හැකියාව මවුපියන් සතුව තිබෙනවා නේද?

''අනිවාර්යෙන්ම. දරුවන්ගේ ඉටු දෙවිවරුන් වෙන්නේ මවුපියන්ම තමයි. මවුපියන්ගේ ආශිර්වාදය මහා බලසම්පන්නයි. එයට ජ්‍යොතිෂයේ ශක්තියත් එකතු වුණාම ඉතාම බලවත් වෙනවා."

ඔබ කියන්නේ මොන ආරක්ෂාව කළත් රාහු අපලය තියෙන දරුවන්ට මවුපිය අවධානයක් තිබිය යුතුයි කියන එක නේද?

' ඒක තමයි ඇත්ත කතාව. දැන් මෙහෙම හිතන්න. අපි හිතමු රාහු අපලයට පහනක් දල්වනවා කියලා. දරුවා ඔය දේ කරන්නෙ ලොකු හැඟීමකින් නෙවෙයිනෙ. නමුත් මවුපියෝ ඒ දේ සිදු කරන්නෙ මනා හැඟීමකින්. මගේ දරුවාට යහපතක්ම වේවා කියන, හද පත්ලෙන්ම නැ‍‍ගෙන උතුම් ප්‍රාර්ථනාවක් ඒක. ඒ වගේම දරුව සමීපයේ ඉඳගෙන අර විදිහෙ ක්‍රියාකාරකම්වල‍ට යොමු කිරීම තවත් හොඳයිනෙ''

ඔබ කියන්නෙ ජ්‍යොතිෂ පිළියම් වඩාත් බලවත් වෙන්නේ මවුපියන්ගේ මැදිහත් වීමත් සමඟ කියල ද?

' නැහැ, ග්‍රහ අපල සියල්ල සහමුලින්ම දුරු කරන්න පුළුවන් විශිෂ්ට පිළියම් අප සතුව තියෙනවා. නමුත් එය ඉතා ගැඹුරු මෙන්ම සියුම් කේන්ද්‍ර පරික්ෂාවකින් හඳුනාගත යුතුයි. ඉන් පස්සෙ තමයි පිළියම් යොදන්න පුළුවන් වෙන්නේ."''එහෙම නැතිව අපල දුරු කර ගන්න බැහැ. අනිත් කාරණේ තමයි ජ්‍යොතිෂ දැනුම තියෙන හැමෝටම යන්ත්‍ර මන්ත්‍ර සම්බන්ධයෙන් කටයුතු කිරීමේ හැකියාව නැහැ. එයත් අතිසියුම් අංශයක්. අන්න ඒ නිසයි මම කිව්වේ මවුපියන්ගේ මැදිහත් වීම වැදගත් කියල."

Post a Comment

0 Comments