දැන ගනිමු රෝග වලින් බේරෙමු
-------------------------------------------
1. දියවැඩියාව වලක්වා ගැනීම
නිවැරදි අහාර රටාවක් පවත්වා ගත යුතුය. අධික මේදය සහිත සහ සීනි, පැනි, හකුරු රට ඉදි, අයිස් කීම්, වටලප්පන්, චොකලට් වැනි අහාර පාලනය කල යුතුය. විටමින් ඛනිජලවණ ප්‍රෝටීන් කාබොහඩ්රේට් අඩංගු සමබර ආහාර වේලක් ගත යුතුය. පහත සදහන් ප්‍රථිකාර ගැනීමෙන් දියවැඩියාව ඉතා හොදින් පාලනය කල හැකිය.
නුග, අරලු තම්බා බීම
මස්බැද්ද කොල තම්මා බීම
බින් කොහොබ, මාදන් පොතු, ගම්මාලු, මස්බැද්ද , වියලි කහ, සෙවෙන්දරා, රසකිද කසාය බීම.
2. කොලෙස්ටරෝල් වලක්වා ගැනීම
ගාන ලද පොල් තුල, තන්තුමය රාමු තුල, මේදය සිරවී ඇති බැවින් මේදය සිරුරට අවශෝශනය කර ගැනීම අපහසු වේ. පොල් බ්ලෙන්ඩර් කීරීම මගින් පොල් වල ඇති අහිතකර මේද කොටස් ආහාරයට එකතු වේ. එබැවින් පොල් මිරිකා කිරි ලබා ගැනීම පමණක් සිදු කිරීම සෞඛ්‍යයට වඩාත් හිතකර වේ.
අල බතල කොස් දෙල් සමග පොල් ආහාරයට ගැනීමේදී ශරීරයට මේදය උරා ගන්නේ අඩුවෙනි.
ආහාර ගැනීමෙන් පසු මදක් උණුසුම් වතුර පානය කල යුතුය. එවිට ආහාර ජීර්නය පහසු කීරීමට උපකාරී වේ. හැකිනම් ග්‍රීන් ටී ස්වල්පයක් ආහාර ගැනීමෙන් පසුව පානය කරන්න. ග්‍රීන් ටී මගින් මේදය ශරීරයට අවශෝෂණය කිරීමට බධා කිරයි.
විශේශ ආයුර්වේද ප්‍රතිකාර
ඹෞෂධීය වාශ්ප කුටිය
ඉකිරි, කරපින්චා, කොළ සහ නැටි, සුදු ලූනු කසාය බීම.
ගම්මාල්, එළනෙටොල්, සුදුලූනු, කළාදුරු අල, පෙරුම්කායම් කොබෝනීල වියළි කහ බීමට ගැනීම.
3. රුධිර පීඩනය වලක්වා ගැනීම
අධික තෙල්, පිටි, පැණි රස, ලවණ වැඩි වශයෙන් ඇති කරවල, ටින් මාලු, ඉස්සන්, කකුලුවන්, රටකජු වැනි දෑ ආහරයට ගැනීමෙන් වැලකීම මගින් පහසුවෙන් අධි රුධිර පීඩනයෙන් බේරිය හැකිය. කෘමි නාශක භාවිතයෙන් තොර වූ රතු හාල් බත්, වැටකොලු, පතොල, තක්කාලි, මුරුන්ගා, පලා ජාති, අලිගැට පේර, මිදි, දොඩම් ආදි පලතුරු ආදිය ආහාරට ගැනීම.
ඉගුරු, එඩරෑ මුල්, කොල්ලු තම්බා බීම.
ඉකිරි දඩු තම්බා හකුරු සමග බීම
නස්නාරන් ඉස්මට සහිදලුනු දමා බීම
ඒකාවේරිය, සුදු ලූනු කරපින්චා කසාය බීම
කෝවක්කා, ඒකාවේරිය, රසකිද කසාය බීම
4. හිසරදය වලක්වා ගැනීම
හොදින් අළුශ්‍ය ප්‍රමාණයට ජලය පානය කිරීම මගින් හිස රදය බොහෝ දුරට ඇතිවීම වලක්වා ගත හැකිය. මනස නිරවුල්ව තබා ගැනීම සුව නින්ද මෙන්ම ව්‍යායාම කිරීම මගින්ද හිසරදය ඇතිවීම වලක්වා ගත හැකිය.
වද කහ, අබ, එනසහල්,ඩෙව්දුරු, කොට්ටන්, වියලිකහ, කුරුදු සම පමන ගෙන චූර්න එක්කොට රෙදි කඩක් ගෙන වැටියක් සේ අඔරා ගිනි කොට නිවා ඉන් නගින දුම ඉරීම.
අමු ඉගුරු, බෙලිමුල්, බැබිල, කසාය බීම
වදකහ උනු වතුරෙන් අඔරා නළලේ ගෑම
5. මූත්‍රා රෝග වලක්වා ගැනීම
මුත්රාෙරා්ග වලක්වා ගැනීම සදහා වඩාත් සුදුසු වන්නේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කිරීමයි. තිබහ ඇතිවීමට පෙර ජලය පානය කල යුතුය. කුරුම්බා තැඹිලි පානයද මුත්‍රා රෝග සදහා දිව ඔසුවකි.
මූත්‍රා දෙවිල්ලට
අලු පුහුල් වැල් කොටා මිරිකා ගත් ඉස්ම සීනි ගිතෙල් මිශ්‍ර කොට උදේ සවස බොන්න.
පොල්පල රසකිද සෙවෙන්දරමුල් සුදු හදුන් ඉගිනිය ඇට කුඩු කර තැබිලි සමග බොන්න
මූත්‍රා අඩස්සියට
ඉගුරු කටරොඩු මුල්, තිරස්සවාලු, කෙප්පෙටිය දලු, පොට්ටනි බැද හුමලයෙන් තම්බා යටි බඩ තවන්න
මූත්‍රා ශුද්ධ වීම
වැල් මී, සුඩු හදුන්, ඉගිනි ඇට කුඩු, සූදුරු කුඩු කර තැබිලි සමග බොන්න
මූත්‍රා සමග ලේ යනවාට
නෙරෙන්චි හාතාවාරිය අල තම්බා උදේ සවස බොන්න
මූත්‍රා ගල් දියවීම
මුරුන්ග පොතු කසය බොන්න
කෝවක්කා අල තම්බා කොටා බොන්න
අක්කපාන ගස් මුලත් සමග ගෙන කොටා මිරිකා ගත් ඉස්මට මී පැණි සමග බොන්න
තිත්ත ලබු ඉස්ම යවකාර ලුනි සහ සීනි සමග බොන්න
6. අර්ශස් වලක්වා ගැනීම
සර් වාන්ග තෙයිලය සම්බාවනය,වේදු ඇල්ලීම
බෙලි, සාරන කරද, මුල් සිද්ධගුරු අරලු සහිදලුනු කසාය බීම
කොහො ඔ පොතු, කුරුදුපොතු, වෙනිවැල් ගැට සෙවෙන්දරා මුල්, කසාය සීනි දමා බීම
තුඔ වැල් අල, මී පැනියෙන් උරච්චි කොට ආලේප කිරීම අර් ශස් ගෙඩි සදහා ආලේප කිරීම වඩා යෝග්‍ය වේ
0 Comments