චොකලට් කියන්නේ ලොකු පොඩි භේදයක් නැතුව අපි සැමදෙනාම කැමට රුචියක් දක්වන රසවත් කෑමක්නේ. දැනට ලෝකයේ ඇති ජනප්‍රියම රස කැවිල්ල චොකලට් යන්න කාගේත් පිළිගැනීමයි. බොහෝවිට මේවා අධික මිලක් වැය කර වෙළද පොලෙන් මිලට ගැනීමට අප හුරු වී ඇත්තෙමු. මෙම චොකලට් නිවසේ දී සාදා ගැනීමට හැකිනම් කොතරම් අගේ ද?

ඔව් අපට පුළුවන් නිවසේ දීම චොකලට් සාදා රස විදීමට. කොහොමද කරන්නේ කියන එක අද විශ්ම ලෝකයෙන් ඔබට කියලා දෙන්නම් 

අවශ්‍ය අමු ද්‍රව්‍ය:

1. කොකෝවා පවූඩර් - කෝප්ප 2 (ග්‍රෑම් 220 )
2. බටර් කෝප්ප තුන්කාලක්  ( ග්‍රෑම් 170) -කාමර උෂ්ණත්වයට මොලොක් වූ
3. පවූඩර් කරන ලද සීනි - කෝප්ප භාගයක් (ග්‍රෑම් 100) –
4. කිරි - කෝප්ප 2/3 (මිලි ලීටර් 150)
5. ලුණු - තේ හැදී ¼
6. ජලය - කෝප්ප 1 ( මිලි ලීටර් 235)


අවශ්‍ය උපකරණ :

පිරිසිදු ලෝහ භාජනයක් , ලී හැන්දක්, අත් බීටරයක්, ඇඹරුම් යන්ත්‍රයක්, චොකලට් අච්චු...


සාදන පිළිවෙල :

1. පිරිසිදු භාජනයක් ගෙන එයට කොකෝවා කුඩු හා කාමර උෂ්ණත්වයට පත් වූ බටර් දමා අත් බීටරයක් මගින් හොදින් ක්‍රීම් එකක් වන ලෙස කලවම් කර පල්පයක් සාදාගන්න.


2 .සාදාගත් මිශ්‍රණය වෙනත් බදුනකට දමා එය ජාල තාපකයක දමා මද ගින්නේ රත්කරන්න. රත් කරන අතරවාරයේ දී රබර් හෝ ලී හැන්දක් ආධාරයෙන් කලවම් කරමින් කැටි ගැසීම වලක්වා ගන්න. රත් කරගත් චොකලට් මිශ්‍රණය ( උතුරවා නොගන්න.) නැවත බීටරයෙන් මෘදූ වන ලෙස කලවම් කර ගන්න.
3. භාජනයකට සීනි හා කිරි දමා කලවම් කර ගන්න. මෙම කිරි හා සීනි මිශ්‍රණය කලින් සාදාගත් චොකලට් මිශ්‍රණයට සුවල්පය බැගින් කලවම් කරමින් අත් බීටරය ආධාරයෙන් හොදින් ක්‍රීම්වන හා මෘදුවන ලෙස කලවම් කර ගන්න. දැන් මිශ්‍රණය රස පරික්ෂා කර අවශ්‍ය නම් සීනි හා ලුණු එකතු කරන්න.


4. සාදාගත් චොකලට් මිශ්‍රණය , චොකලට් අච්චු වලට පුරවන්න. පසුව ඝන වීම සදහා ශීත කරණයක තබන්න.


5 හොදින් ඝන වූ චොකලට් අච්චුවලින් ගලවා රස විදින්න..

Post a Comment

0 Comments