තවමත් තරුණ වියේ පසුවන ඔබගේ හිස කෙස් දැනටමත් තැනින් තැන  සුදු පැහැයට හැරෙමින් පවතීද? මේ
සඳහා දුර්වල සෞඛ‍ය තත්වය , අයහපත් ජීවන රටාව හෝ ඇතැම් විට ජානමය හේතු බලපෑ හැකියි. වයසට නොගැලපෙන ලෙස ඔබේ පෙනුම වැඩිමහල් වුවොත් එය ඔබව සමාජයෙන් කොන් වී යාම සදහා බලපෑ හැකියි. රසායනික ද්‍රව්‍ය අඩංගු හිසකෙස් ආලේපන වලින් ප්‍රථමයෙන්ම ඔබ අත් මිදිය යුතුයි. මෙවැනි කෘතීම තෙල් වර්ග මගින් හිසකෙස් වලට කිසිඩු සත්කාරයක් සිදු නොවන අතර හිසකෙස් වලට තාවකාලික පැහැයක් පමණක් ලබාදෙයි. නමුත් දීර්ඝ කාලීනව හිසකෙස් වලට හානිදායක දේවල් රාශියක් සිදු කරයි. මුළුතැන් ගෙයෙහි මඳක් ඇවිදිමින් මෙම සුදු වන හිසකෙස් සැගවීම සඳහා උපකාරී වන දේ සෙවීම වෙනුවට , ඇතැම් විට මුළුතැන් ගෙයෙහි ප්‍රතිකර්ම සෞඛයමත් අදහස් හා ගෘහාශ්‍රිත වට්ටෝරු මගින් නැවතත් දැකුම්කළු කෙස් කලඹක් ලබා දීමට සමත් වෙයි. මෙම සුදු පැහැ ගැන් වූ හිසකෙස් සඳහා විවිධ තෙල් වර්ග සත්කාර කල හැකි බව ඔබ දන්නවාද? ප්‍රතිපල




පරීක්ෂාකාරීව හිසකෙස් වල සුදු පැහැය සුව කිරීමට සමත් මෙම වටිනා ගෘහාශ්‍රිත හිසේ ගල්වන තෛල වට්ටෝරුදෙස බලන්න.

මෙම හිසෙහි ගල්වන තෛලය අළු පැහැති හිස කෙස් සඳහා භාවිතා කරන්න.

කරපිංචා කොළ ශීර්ෂ තෛලය

කරපිංචා ඉත්තක් එකතු කර ගන්න, එය උණුසුම් හිරු එළියේ දුඹුරු පැහැ වන තෙක් හා කැඩෙන සුළු වන තෙක්




තබන්න.




එය කුඩක් ලැබෙන තෙක් කුඩු කරන්න.




මෙම කරපිංචා කුඩු තේ හැදි 4 ක් පොල් තෙල් හෝ ඔලිව් තෙල් මිලි ලීටර 200 කට එකතු කර එය රත් කරන්න.




මිනිත්තු 2 කට උදුන නිවා දමා මෙම තෛලය සීතල වීමට තබන්න.




මෙම තයිලය පෙරා වාතය කාන්දු වන සේ බදුනක දමා තබන්න.




එය භාවිතා කරන්නේ කෙසේද?




සතියට වරක් හෝ දෙවරක් ඔබේ හිස් කඹලේ හා කෙස්වල කරපිංචා තයිලය ආලේප කරන්න. ඔබේ ඇගිලු තුඩු වලින්




පිරිමදින ගමන් වෘත්තාකාරව සම්භාහනය කරන්න, මෙම තෛලය ඔබේ හිස් කඹලේ හා හිස කෙස් වල මිනිත්ති 40




ක් පමණ තබා සෝදා හරින්න. අවසානයේදී මෙම ක්‍රියාවෙන් අකලට පැසුණු හිසකෙස් නිවසේදී කළු පැහැ




ගැන්වෙන අතර ඔබට කළුවන් සුන්දර කෙස් කලඹක් ලබා දෙයි. මෙම ක්‍රියාවට පසුව හිසට හුමාල වාෂ්පය




ඇල්ලීමෙන් හිස් කඹලේ ඇති සිදුරු විවෘත වී තෙල් ගැඹුරට කිදා බැස ඉක්මන් ප්‍රතිඵල ලබා දීමට උපකාරී වේ.




අම්ලා රාත්‍රි සත්කාරය




අකලට පැසුණු හිසකෙස් තද පැහැ කීරීම සඳහා අම්ලා ඉතා වටිනා ප්‍රතිකාරකි. වසර ගනනාවක් පුරා මෙය ලොව




පුරා වෙසෙන කාන්තාවන් බහුලව භාවිතා කරන අතර,බොහෝ ස්වාභාවික හිසකෙස් වර්ණක තුල අම්ලා




අමුද්‍රවයක් ලෙස භාවිතා කරයි. දැන් අප අකලට පැසුණු හිසකෙස් වලින් නිදහස් වීම සඳහා අම්ලා රාත්‍රී




සත්කාරය පිලිබඳව සලකා බලමු.

Post a Comment

0 Comments