පේර කියන්නේ ගම්බද නගරබද කියා වෙනසක් නැතුව හැමදෙනෙක්ම වගේ ගොඩක් ආසා කරන බහුලව ආහාරයට ගන්නා පලතුරකි. එසේම පේර ඔෟෂධ සඳහාත් බහුලව යොදා ගනී. විවිධ විදේශීය පලතුරු වර්ග ආහාරයට ගත්තද ඉන් කිසි ගුණයක් නොමැත. පේර ගෙඩියකින් කළ හැකි දේ බොහෝය.පේර ගසේ නිජබිම වන්නේ මෙක්සිකෝවයි. එහෙත් මේ වන විට පේර ලොව පුරා විවිධ රටවල, විශේෂයෙන් දකුණු ආසියාතික රටවල දක්නට ලැබේ. පේර ශාකයේ උස මීටර් 3 - 8ත් අතර වන නමුත් ඉඳහිට මෙහි උස ප්‍රමාණ අඩු වැඩි වෙයි. ලංකාවේ විවිධ පළාත්වල කහ පේර, කොළ පේර, රතු පේර දක්නට පුළුවන්.
පලතුරක් ලෙසින් ඉමහත් ජනප්‍රියත්වයක් උසුලන පේර බෙහෙත් ඔෟෂධයක් ලෙසත් ඉතාමත් ප්‍රයෝජනවත් වන ආකාරය අද විශ්ම ලෝකයෙන් ඔබට කියලා දෙන්නම්
දත් සවිමත් වීමට පේර හොඳම ඔෟෂධයකි. පේරවල තිබෙන රසායනික ගුණය නිසා දත් සවි ශක්තිමත් වේ. දත්වලින් ලේ ගලන අවස්ථාවක පේර ගෙඩියක් සැපීමෙන් ලේ ගැලීම වළක්වා ගත හැකියි.
දරුවන්ගේ ජීර්ණ පද්ධතිය ශක්තිමත් කිරීමට පේරවලට හැකියාව පවතී. එසේම දියවැඩියාව, රුධිරයේ සීනි මට්ටම සමපාත (අඩු) කිරීමට පේරවලට හැකියාව ඇත. දිනපතා පේර කෑමෙන් රුධිරයේ සීනි මට්ටම පාලනය වෙයි. පේර කොළ තම්බා නැවත ඇල් වතුරට දමා පින්නේ තබා පසුව පාන්දර හිස්බඩ බීමෙන් දියවැඩියාව සුවකරගත හැකියි.
පේර කොළ වියළා කුඩු කර දිනපතා තුන් වේලක් බීමෙන්ද දියවැඩියාව සුව වෙයි. දකුණු ආසියාතික රටවල විශේෂයෙන් ජපානයේ පේර තේ ජනප්‍රිය පානයකි.
හමේ රෝග සඳහාත් පේර ඔෟෂධයක් ලෙස භාවිත කරයි. පේර දලු, අමුකහ සමඟ කොටා ගැල්වීමෙන් අළුහම් නිට්ටාවටම සුව වේ. පේර කොළ තැම්බූ වතුර යොදා පරණ තුවාල සේදීම මඟින් තුවාල සුවකරගත හැකියි.
0 Comments