තුනටියේ වේදනාව බලන් ඉන්න එපා මුත්‍රා ගල්වල මූලික රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්




මූත්‍රා පද්ධතිය තුළ හටගන්නා ගල් මූත්‍රා අශ්මරි නම් වේ. වකුගඩු ආශ්‍රිතව සෑදෙන මේ ගල්




මුත්‍රා නාල දිගේ මුත්‍රාශයට ගමන් කිරීම නිරායාසයෙන් සිදුවන අවස්ථාද පවති. මුත්‍රා පෙරීමේ




ක්‍රියාවලියේ දී ජලය අඩු වීම නිසා වියළි ස්වභාවයකින් පෙරීම මේ රෝගයට හේතු වේ. ආයුර්වේදයේ




සඳහන් වන්නේ දුක සේ මුත්‍රා පහ කිරීම මේ රෝගයට මුල් වෙන බවයි. ආමවාත රක්තවාත වැනි




රෝග නිසා ද මුත්‍රා ගල් හට ගනී.




මේ රෝගය ඇති බව පෙන්වන ලක්ෂණ නම් තුනටිය වේදනාව, ඉණ පෙදෙස් සිට කලවා දක්වා පැතිරී




යන වේදනාව, මුත්‍රා තද පාටින් පිටවීම, වමනය වෙන අතර බොහෝ විට වේදනාව හට ගනී.




ගැහැණු පිරිමි දෙපක්ෂයට ම මුත්‍රා ගල් හටගත්තත් වැඩි වශයෙන් පුරුෂ පක්ෂයට මෙය වැළදේ.




මේ රෝගයට නුසුදුසු ආහාර ඇත. එනම්, අඹ, ඇඹරැල්ලා, අන්නාසි, අච්චාරු, ලුණු දෙහි, රඹුටන්, මැංගුස්




වැනි ආම්ලික ආහාරයි. සුදුසු ආහාර වන්නේ පිපිඤ්ඤා, රාබු, කැකිරි, නීරමුල්ලි, සුවඳැල්, කෙසෙල්, ඉදුන




පැපොල්, කටු අනෝදා ආදියයි. ජලය පානය අත්‍යවශ්‍ය වේ.




මේ රෝගයට ප්‍රතිකාර කළ යුත්තේ මුත්‍රාගල්වල ස්වභාවය අනුවයි. බටහිර වෛද්‍ය ක්‍රමය මඟින්




පරීක්ෂණ තුළින් ඉක්මනින් ම ඒවායේ ප්‍රමාණය තීරණය කර ගැනීමට හැකිවීම ආයුර්වේදීය




ප්‍රතිකාරවලටත් ඉතා පහසු වේ. මිලි මීටර 10 අඩු මුත්‍රා ගල් හැලීමට ඉතා පහසු ප්‍රතිකාර ඇති




අතර මිලිමීටර් 10 වැඩි විශාල ගල් කුඩු කිරීමට ද ප්‍රතිකාර ක්‍රම තිබේ. මේ විශාල ගල් හැලීමේ දී




ඇතිවන වේදනාව සමනයට පිටතින් යොදන ආයුර්වේද ආලේපන තිබේ.




මුත්‍රා ගල් ඇති අය අක්කපාන කෑම සුදුසු මුත් එසේ කෑ යුතු වන්නේ ගල් තලා මත සෑදෙන අක්කපානයි.




එසේම කුප්පමේනියා ශාකය (උල් හැඩය ඇති කුප්පමේනිය පත්‍ර ඇති ශාකය නොව රවුම් හැඩැති




පත්‍ර ඇති කුප්පමේනියා ශාකය) භාවිතයෙන් මුත්‍රා ගල් කුඩු කළ හැකිය. ආයුර්වේදයේ ප්‍රතිකාර




වන කෂාය, ගුලි, චූර්ණ, කල්ක තුළින් අතුරු ආබාධ රහිතව මේ රෝගය සුව කළ හැකියි. මේ ප්‍රතිකාර




කරන විට බඳුනකට මුත්‍රා කර කුඩු වූ මුත්‍රා ගල් දැකගත හැකිය. රෝගය සුව වූ පසු මෙහි සඳහන්




පථ්‍ය එනම් සුදුසු ආහාර ගැනීමෙන් නැවත මුත්‍රා ගල් සෑදීම වළක්වා ගත හැකිය.




මුත්‍රා ගල් ඇති අයටත් එය තිබී සුව වූ අයටත් මින් වැළකී සිටීමට කැමති අයටත් ඖෂධීය ගුණැති රසැති




නිතර කෑමට ගතහැකි කැකිරි ව්‍යංජනය පිළියෙල කරගත හැකි ආකාරය මෙසේය. කැකිරි ඇට අඹරා




හෝ බ්ලෙන්ඩරයකින් කොටා රෙදි කෑල්ලකින් හෝ දැලකින් පෙරන්න. එය කැකිරි මාළුවට එක් කර පිස




ආහාරයට එක් කරගන්න.

Post a Comment

0 Comments