අවශ්‍ය දෙවල් ;
මිල්ක්මේඩ් ටින් 1 ( 397 g )
ජෙලටින් තේහැදි 1
එ මිල්ක්මේඩ් ටින් එකෙන්ම , වතුර ටින් 1
කස්ටඩ් පවුඩර් ( කහ පාට එක ) මේසහැදි 2
රස අනුව සිනි
මිල්ක් පවුඩර් මේසහැදි 3
වැනිලා එසන්ස් තේහැදි 1
මුලින් ප්ලාස්ටික් බදුනක් අරගෙන , එකට මිල්ක්මේඩ් ටින් එක දමා ගන්න .පස්සේ එ ටින් එකෙන්ම වතුර ටින් එකකුත් එයට දමා හොදින් මිශ්‍ර කර ගන්න .
දැන් රස බලලා , සිනි එයට එක් කර හොදින් කලවම් කරන්න .
පසු ජෙලටින් තේහැදි එකට උණු වතුර තේහැදි 2 පමණ දමා , කැට නොහිටින ලෙස හොදින් දිය කර ගෙන , මිල්ක්මේඩ් මිශ්‍රණයට දමා ගෙන හොදින් මිශ්‍ර කර ගන්න
දැන් එයට කස්ටඩ් පවුඩර් ටික ද , වතුර ටිකක් වෙන්න දමා හොදින් දිය කර ගෙන , උකු මිශ්‍රණයක් හදා , මිල්ක්මේඩ් මිශ්‍රණයට දමා හොදින් කලවම් කර ගන්න .
දැන් හදා ගත් මිශ්‍රණය ප්‍රිසර් එකේ දමා හොදට සෙට් වෙන්න යවන්න .
පසු හොදින් සෙට් වු අයිස්ක්‍රීම් එක ඉවතට අරගෙන , අයිස් ගතිය තිබියදීම හොදින් බීටර් එකෙන් බීට් කර ගන්න .
බීට් කර ගන්න අතරතුර එයට මිල්ක් පවුඩර් ද දමා හොදින් බීට් කරන්න . එයට වැනිලා ද දමා බීට් කර ගන්න .
විනාඩි 10 ක පමණ බීට් කර ගන්න .එතකොට අයිස්ක්‍රීම් හොඳ ක්‍රිම් ගතියට එන නිසා .
පසු බීට් කර ගත් අයිස්ක්‍රීම් එක නැවත ප්‍රිසර් කර, හොදට සෙට් වෙන්න යවන්න .
නැවත හොදින් සෙට් වුන අයිස්ක්‍රීම් එක අරගෙන , අයිස් ගතිය තිබියදීම නැවත හොදින් බීට් කර ගන්න .
නැවත ප්‍රිසර් කරන්න සෙට් වෙන්න .
ඔය වගේ තුන් පාරක් පමණ බීට් කර ගන්න එලියට අරගෙන .
එතකොට හොදටම එනවා අයිස්ක්‍රීම් එක ...
0 Comments